කඳ කුමරුත් ශ්‍රී වල්ලිත් අතර වූ ප්‍රේමයට පසුබිම් වූ කතරගම යටගියාව , " ශ්‍රී වල්ලි " ගීත නාටකය කියයි.ශ්‍රී චන්ද්‍රරත්න මනවසිංහ මහතා එම ගීත නාටකයේ ගීයෙන් කර ඇති හැඳින්වීම , කතරගම පිලිබඳ නියම සිතුවමක් මැවීමට සමත් වෙයි.
රුහුණු රටේ කදිර පුරේ
කඳු මුදුනේ ඔද වැඩේ
නිලට නිලේ මුහුද පෙනේ
ඈත වනේ කෙළවරේ
තුරු හිස් ටික ටික නැමෙයි
සීතල මඳනල හැමෙයි
නුදුරු වනේ තුරු වදුලේ
ඇල් හෙවණේ වැලිතලේ
මැණික් ගඟේ වතුර බසී
පලිඟු තලාවක් ලෙසේ
පෙණ පිඬු තැන තැන දිවෙයි
ගල්වැටි අතරේ රැඳෙයි
Comments
Post a Comment